ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 4 [ යාම් : 10 ] | මොණරු | 2017-02-12 05:36:40
සුභද්‍රා නෝනායි ශාස්ත්‍රීගේ අම්මායි අද මොකක්දෝ කාන්තා සම්මේලනයකට ගිහින් ලු. වික්ටෝරියා ප්ලේස් එකේ සමහර කට්ටියට ඉතින් අද නිදහස් දිනේ වගේ. සමහරු කිව්වට ඉතින් මහා ගොඩක් නෑනේ. මාග්‍රට් නැන්දායි යශෝදරා නෝනයි තඩි පුසීයි හැරුනාම. යශෝදරා නෝනාත් උදේ ඉදන්ම මොකක් දෝ පොතක් අල්ලගෙන ලියනවා. රිසර්ච් එකක් ද මොකක්දලු. යශෝදරා නෝනාට යශෝදරා කියන්නේ නැතිව නෝනා කෑල්ලකුත් එක් කරනවා කියලා පහුගිය දවස් දෙක තුනේම මාග්‍රට් නැන්දා වලි. උන්දැ සුභද්‍රා නෝනා එක්කත් රැ තිස්සේ කියනවා ඇහුනා“ ගෙදර දෝණියන්දෑ වගේ ඉන්න දැරිවි මොන එහෙකට ද නෝනේ එක එක ඈයින්ට බාල්දු වෙන්න අරින්නේ “ කියලා. “ වගේ නෙවේ මාග්‍රට්.. මේ ගෙදර දෝණි සින්ඩරෙල්ලා තමා. සින්ඩිමනේ යශෝදරාට නමින් කතා කරන්ට අකමැති.. අඩු තරමේ මේ ළමයාට මට නෝනා කියන්න එපා කිව්වත් අහන්නේ නැහැනේ “ මාග්‍රට් නැන්දාට සුභද්‍රා නෝනා ඊළගට එහෙමත් කිව්වා ඇහුනා. අනේ මන්දා නෝනාලාට නෝනා කියන්නේ නැතිව කොහොම නමින් කතා කරන්න ද කියලා මට තේරෙන්නේ නැහැ. මාග්‍රට් නැන්දා කොහොම කිව්වත් යශෝදරා නෝනා වුනත් කැමති නැහැ නොවැ මන් නෝනා කැල්ලක් එක් කරනවා කියලා. ඒත් ඉතින් කවුරු කොහොම වුනත් මන් උනත් එපැයි ඇගිල්ලේ තරමට ඉදිමෙන්න. ඒත් ඒ වෙච්චි කතා බහෙන් පස්සේ දාසේ ඉදන් මාග්‍රට් නැන්දා සුභද්‍රා නෝනා කිව්වාය කියලා නීති මාලාවක් උස්සගෙන ආවා. ඒ ලිස්ට් එකේ හැටියට ඉතින් මේ ගෙදර නෝනා ලා.. හාමු ලා.. නෑලු. යශෝදරා නෝනාට යශෝදරා කියන්න ලු. බැරිම නම් අක්කේ කෑල්ලක් එක්කාහු කරගත්තට කමක් නැති ලු. මාග්‍රට් නැන්දාට නම් ඕනෑ එකක් ලු. සුභද්‍රා නෝනාට කතා කරන්න ඕනි මමී කියලා ලු. අපෝ මට නම් බැහැ. ඒ උත්තමාවීට නෝනා නොකියා මං කොහොම කියන්න ද.. අනිත් එක සුභද්‍රා නෝනාගේ සනහුරේ කාට හරි ඇහුනෝතින් මට හොදටෝම දෙහි කපාවි. මන් එහෙම එකක් කියන්ට ගියා ම මාග්‍රට් නැන්දා කිව්වේ ඕනා එකයි එපා එකයි හිතන්නට යන්නේ නැතිව ඉන්න ළමයා.. කියලා. දැන් මට හිතෙන්නේ මාග්‍රට් නැන්දාටත් විකාර කියලා. ඔය විත්තියක් ගිහින් මන් ශාස්ත්‍රීටයි යශෝදරා නෝනාටයි කිව්වම එයාල කිව්වේත් ඒකෙ වරදක් නෑ ය. මාග්‍රට් නැන්දා කියන දේත් හරිය කියලා. අනේ මන්දා මේ නෝනලාගේත් විකාර අදහස් කියල කෑල්ලක් එතනටත් ඇඩ් කරාට කමක් නැතැයි කියලයි මේක අහපු වෙලාවේ ඉදන් මයේ හිත කිවේ. මන් ඒක ඉතින් ආයේ කාටවත් ඇහෙන්නට කියන්න ගියේ නැහැ. හැම එකටම හ්ම්ම් කියලා සද්ද නැතිව බිම් බලාගෙන උන්නා මිසක්කා. “ ආ සින්ඩි.. “ මෙච්චර වෙලා කාමරේ අස්සට වෙලා ගුලි ගැහීගෙන උන්නු යශෝදරා නෝනා කාමරෙන් එලියට ඇවිදින්. “ ඇයි නෝනා.. “ “ නෝනා.. කවුද නෝනා.. “ එක පාර යශෝදරා නෝනා මුණ දෙක කරගෙන මයේ දිහාවේ බැලුවේ මන් හරියට මහා වැරද්දක් කරා ය වගේ. “ වැරදුනා.. කියන්ට යශෝදරා අ.. අක්කේ.. “ “ අන්න එහෙම.. හොද ළමයා.. මන් අහන්න ගියේ මෙන්න මේකයි.. සින්ඩි කොයින් ද සිංහල ඉගෙන ගත්තේ.. “ “ ම්ම්ම්ම් මයේ අම්මාට පුළුවන් නේ.. “ “ අම්මා සිංහල නෙවේ නේද ? “ “ නෑ ඒ උනාට මයේ අම්මා කතා කොරේම සිංහල, අපේ ලෑයින් කාමර වල උන්නු ඈයෝ සිංහල.. එක එක දිහාවෙන් ආපු කට්ටිය නේ. එතකොට සුපිරින්ටැංඩන් බංගලාවේ කාලයක් උන්නා තව නෝනේ කෙනෙක්. එයාගේ ජාතිය සිංහලයි සුදුයි දෙකම ලු.. එයාලා එක්ක තමයි මන් හැදුනේ ඉතින්. “ “ ම්ම්ම්ම් ඒක තමයි.. මන් හිතාන උන්නේ ලැයින් කාමර වල ඉන්නේම ටැමිල් අය කියලා.. “ “ අනේ මන්දා අපේයි නම් එහෙම නැ.. වටෙන් ම ගොඩාක් ම උන්නේ තමිල් අය තමා. ඒත් සිංහල කට්ටියත් උන්නා. “යශෝදරා නෝනාට එක පාර මයෙන් එහෙම අහන්න හිතුනේ මොකදෝ මන්දා. “ සින්ඩි දන්නවා ද මන් සින්ඩිගෙන් එහෙම ඇහුවේ ඇයි කියලා. සින්ඩි කතා කරන සිංහල වල හැම පැත්තේම සිංහල තියෙනවා. ඒකයි.. “ “ මක් කිව්වා.. හැම පැත්තේම සිංහල.. ඒ කිවේ ? “ යශෝදරා නෝනා මොනවා කියනව ද මන්දා. “ ඒ කිව්වේ මේකයි. ලංකාවේ එක එක පැති වල කට්ටිය එක එක විදියට නේ සින්ඩි සිංහල කතා කරන්නේ. ඉතින් ඒ හැමෝම කතා කරන සිංහල ඔක්කොම එකතු කරන් සින්ඩි කතා කරනවා. මන් හිතන්නේ සින්ඩි එක එක පැති වල අයව ආශ්‍රය කරලා තියෙන හින්දා වෙන්න ඇති. එක එක වචන සින්ඩි ඉගෙන ගෙන තියෙන්නේ.. “ “ හ්ම්ම්ම්.. වෙන්නැති “ යශෝදරා නෝනා කිව්වා මෙලෝ මලදානයක් මට තේරුනේ නං නෑ.. මන් එත් වෙන්නති කියලා එහෙම උන්නේ . අර මාග්‍රට් නැන්දා කියනෝ වගේ රෝමේට ගියොත් ඉතින් ඒ වගේ ඉන්නත් එපා යෑ.. නැතිව බෑනේ.. ඒ හින්දා..- අරුණි කළුපහන - aruni.kalupahana@gmail.com ....   වැඩිදුර >>  
Next || Previous