ලාංකීය සිතුවිලි
සිංහල
දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?
2013-05-24 10:50:00
බිරිඳ, සැමියා උප කුලපති කරගනී !
2013-05-24 10:32:11
මන්නාරම රදගුරු ගෙන් බොදු බල සේනාවට අවවාදයක්
2013-05-24 09:55:48
නඩුකාර නොනාගේ කාඩ්එක ආරච්චි උස්සලා
2013-05-24 09:33:27
එජාප මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නේ නෑ -පොලීසිය කියයි
2013-05-24 09:10:01
යෝෂිත මිලියන 11කට අලෙවි වෙයි !
2013-05-24 08:55:58
මහා සාහිත්‍යවේදියෙක් අවසන් ගමනේ
2013-05-24 08:44:52
කොළඹ වරායේ ගින්නක්
2013-05-24 08:12:04
පොල් ගසකට යටවී දරුවෙක් මරුට
2013-05-24 08:23:13
කොළඹ වරායේ ගුදමක ගින්නක්
2013-05-24 08:14:49
හමුදාවෙන්, යාපනයේ වෙසක්‌ කලාපයක්‌
2013-05-24 07:59:05
මට පහර දුන්නේ මර්වින් සිල්වාගේ පිරිස් - කැලණිය ප්‍රදේශීය සභා සභාපති
2013-05-23 23:49:53
21 වැනිදා පැවැති සංකේත වැඩ වර්ජනය නොමේරු දරුවෙක් ඉපිදවීමට යාමක් වැනියි - රුවන් විජේවර්ධන
2013-05-23 23:39:35
ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්
2013-05-23 22:23:00
‘මව්බිම’ ආණ්ඩුවට කඩේ යනවා -එජාප
2013-05-23 21:59:00
ආණ්ඩුව නළව නළවා ඉන්න අපට බැ -විජයවර්ධන
2013-05-23 21:32:00
ස්ත්‍රී දූෂකයන් රකින්නේ දේශපාලනඥයින් !
2013-05-23 20:43:39
IOC - එළියට ARAMCO - ඇතුළට
2013-05-23 19:32:06
මහසෝනා සමග හෝ එක්වී රජය පෙරළනවා - මංගල සමරවීර
2013-05-23 16:14:47
රැවටිලි එපා ! - ජවිපෙ විදි බසියි
2013-05-23 19:49:12
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
තිස් හත්වන කොටස [ ???? : 3 ] | නෙතූගේ පොත් ගුල | 2012-05-05 15:24:00
"මගේ ඔලුව අවුල් වෙලා අංජු" ක්‍රොප් බොට්නි පාඩම් කරන ගමන්, පහුගිය දවස් වල වුණ විස්තර අංජලීට කියමින් උන්නු ආන්යා ඒ කතාව ඉවර කලේ එහෙම.පැවරුම් වගයක් අතේ තියාගෙන උන්නු අංජලී ආන්යා දිහා බලාගෙන උන්නේ, පුදුමෙන්ද, අනුකම්පාවෙන්ද කියලා ඈට තේරුණේ නෑ."මේක හරිම සංකීර්ණ ප්‍රශ්ණයක් වුණා නේ...අනේ මන්දා මං ඔයාට මොනා කියන්නද කියලා ආන්යා. ඉතින් ඊට පස්සෙත් ආර්යන් ආයෙම ඔයාට කතා කලාද?"ආන්යා හිස වැනුවා."ඔව්, ඊට පස්සේ ඉඳන් ඊයේ වෙනකල් හැම රෑකම. මං සමහර දවස් වල නම් ඉස්සුවේ නෑ. මට බයයි අන්ජු, එයා මං ගැන වගේම, මගේ හිතෙත් එයා ගැන බලාපොරොත්තු ඇති වෙයි කියලා...මං කොච්චර උත්සාහ කලත් මගේ හිත පාලනය කර ගන්න මට අමාරුයි. මට හිතෙනවා මං එයාට ආදරෙයිදෝ කියලත්. ඒත් එයා මගේ නෙවෙයි...මගේ නෙවෙයි..." ආන්යා ඇඳට වැටිලා ඇලවුණා, පොතත් එක්කම."ඔය කියන විදියට දැන් ආර්යන් අර ශර්මිලා එක්ක සම්බන්ධයක් නෑනෙ. ඉතින් එයා අනුන්ගේ කිය කිය ඔයා දුක් වෙන්නේ ඇයි? ආන්යා ඔයාට ඕන නම් පුලුවන් එයාට කැමති වෙන්න. ඔයාට ඒක කරන්නම ඕන නම් ඒක කරන්න. අනික් දේවල් ඒ එන එන විදියට විසඳගන්න. හැමදේම ප්ලෑන් කර කර, උත්තර සේරම හොයාගන්නවා කියලා අපට ජීවිතේට මූණදෙන්න බෑ" අංජලී කිව්වේ බැරෑරුම් විදියට."මංදන්නෑ අංජු...ඒක එහෙම ලේසි නෑ. ශර්මිලා අඬපු හැටි මතක් වෙද්දි මට දැනෙන්නේ මහා වරදකාරී හැඟීමක්. අනික මනී මහත්තයා, ශර්මිලාගේ පවුලේ අය මේ ගැන මොනා කියයිද? එන්ගේජ්මන්ට් එකක් කියන්නේ ඕල්මොස්ට් බැන්දා වගේ එකක්. ඒ අය ඉඩ දෙයිද ආර්යන්ට ඒක ලේසියෙන්ම නවත්තන්න? මං හිතන්නෑ. හොඳම දේ මං එයාට ලං නොවී ඉන්න එක. ඒත් මට කරන්න බැරිත් ඒකයි...අපි ලං වුනොත් මහා විනාසයක් වෙයි කියලා මං හොඳටම දන්නවා අංජු""අනේ මන්දා ආන්යා...ඔයාමයි ඕන කියන්නේ, ඔයාමයි එපා කියන්නෙත්. එක්කෝ ඔයා එයා නැතිව ඉන්න හිත හදා ගන්න ඕන. නැත්තම් ඕන එකක් කියලා එයා එක්ක එකතු වෙන්න ඕන. එහෙම නැතුව මේ වගේ පිස්සු නට නට ඉන්න ඒකේ තේරුමක් නෑ. ඒ අස්සේ විභාගෙත් කට ලඟටම ඇවිත්. මෙහෙම ගියොත් ඔයාට එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා"ආන්යා ඒකට ප්‍රතිඋත්තර දෙන්න ගියේ නෑ. අංජලී කියන හැම වචනයක්ම ඇත්ත වග ඈ දන්නවා. ඒත්, ආර්යන්ගේ ආදරේ හමුවේ ටිකෙන් ටික ඇගේ හිත දියවෙද්දි, අනික් අතට ශර්මිලා ගැන මොකදෝ දුකක් ඇගේ හිතේ තියෙද්දි තීරණයක් ගන්න එක ලේසි වුණේ නෑ."ඔයා කාලද ඉන්නේ ආන්යා?" දවසක් රෑක කතා කරපු ආර්යන් ඇහුවා."ඔව්, කෑවා""මොනාද?" ඔහු ඇහුවම ආන්යා උත්තර දෙන්න මොහොතක් පැකිලුණා."ම්...මැගී""මැගී...නූඩ්ල්ස්ද?""හ්ම්ම්...""අයියෝ...ඕක කාලා ඇතිද ළමයෝ. ඔහොම ගියොත් ඔයාට ලෙඩක් හැදෙයි. මොකද අද මැගී, කැන්ටින් එක කෑම නැද්ද?" ආර්යන් කිව්වේ හැබෑම අනුකම්පාවකින්."අනේ ඒවා කන්න බෑ...හරී නෑ" ආන්යා හිනාවුණා."කෑම දෙන වෙන තැනක් හොයා ගන්න ආන්යා. ඔහොම කාලා ඉන්න බෑනෙ. හරිද?""හ්ම්""ඔයා නැතිව මෙහේ හරි පාලුයි ආන්යා" ආර්යන් ආයෙම කතා කලේ හැඟීම්බරව. ආන්යා උන්නේ ගොලු වෙලා."කවද්ද ගෙදර එන්නේ?" ඔහු ආයෙම ඇහුවා."කියන්න බෑ. එක්සෑම් වලට තව සති දෙකයි" ඈ ඒ පාර උත්තර දුන්නා."එහෙනම්, මං එන්නද?" "අනේ එපා...මට ගොඩාක් පාඩම් කරන්න තියෙනවා""හ්ම්ම්...එහෙනම් ඉතින් මොනා කරන්නද? මට වෙන්නේ පාලුවේ මෙහාට වෙලා ඉන්න තමා. එක්සෑම් ඉවර වුණ ගමන් එනවා නේද?" ඔහු අහන්නේ පොඩි ළමයෙක් වගේ."එන්නම්" ආන්යා කිව්වේ දයාබරව."ම්ම්...මං මග බලාගෙන ඉන්නවා..."ආන්යා කතා කරලා ඉවර වෙද්දි ඇගේ හිත මොකක්දෝ වේදනාවකින් වගේ රිදුම් දෙන්න වුණා. ආර්යන් ඉන්න දිහාලට දුවලා යන්න ඇත්නම් කියලා ඈට හිතුණා. දවසින් දවස ආන්යා තේරුම් ගත්තු එක දෙයක් තිබුණා. ඒ ඇගේ හිතේ හැම තැනකම ආර්යන් උන්නු වග."ආන්යා...ඔයාට විසිටර් කෝල්..." කාමරේ දොරට ගහපු හිරුණික දොර නෑරම කෑගැහුවා."මට, කවුද?""කවුද ගෑනු ළමයෙක්" එහෙම කියාගෙන හිරුණිකා යන්න ගියා.කාමරේ උන්නු අනික් අයගේ මූණු ආන්යා වෙත යොමු වෙලා තිබ්බේ කුතුහලෙන්. ඈ ඔවුන් දිහා බැලුවෙත් ඒ බැල්මෙන්මයි."ඉන්න මාත් එනවා කැන්ටින් යන්න" ආන්යා එන්න පිටත් වෙද්දි ඈට එකතු වුණේ සම්මානි."කවුද දන්නෑ ආවේ?" ආන්යා පොදු කාමරේට ගිහින් වට පිට බැලුවා. ඒත් අඳුනන කෙනෙක් නම් පේන්න උන්නේ නෑ."ආන්යා...ඔයා එයා නේද?" එකපාරටම ඇගේ පිටිපස්සෙන් ඇහුනේ නුපුරුදු කටහඬක්. ආන්යයි, සම්මනියි දෙන්නම හැරිලා බලද්දි ඔව්න් දෙන්න දිහා බලාගෙන උන්නු කෙනා දැකලා ආන්යගේ කටේ කෙලත් හිඳුනා. ඇගෙ අහද ගැස්ම වේගවත් වුණා."ශර්මිලා, ඔයා මෙහේ...?"ශර්මිලා ගැන වග විස්තර අහලා තිබුණ සම්මානිත් මේ අමුත්තා දිහා බලාගෙන උන්නේ උනන්දුවෙන්."මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" ශර්මිලා ඇහුවේ ආචාරශීලීව.සම්මානියි ආන්යයි මූණෙන් මූණ බලා ගත්තා. "පුලුවන්" ආන්යා එහෙම කියද්දි සම්මානි ශර්මිලාට නොපෙනෙන්න ඇගේ අතක් මිරිකුවා.ඊට පස්සේ ආන්යා ඉස්සර වුණා. ඈ ගිහි පොදු කාමරේ අන්තිමට තිබ්බ මේසේ අසලින් වාඩි වුණේ, කෑකොස්සන් ගැහීමක් වුණොත් අනික් අයට ඒක පෙනෙන එක අඩු කරන්න හිතාගෙන."ඔයා කොහොමද මෙහේ ආවේ? කා එක්කද ආවේ?" මේසේ අසලින් වාඩි වුණ ශර්මිලාගෙන් ආන්යා ඇහුවේ පුලුවන් තරම් සාමාන්‍ය විදියට හැසිරෙන්න උත්සාහ කරමින්."තමට ගොඩාක් ඕන දේවල් කොහොමහරි හොයාගන්න මිනිස්සු පුරුදුවෙලා ඉන්නවනේ. මමත් ගොඩක් හොයලයි හොඅයාගෙන ආවේ. මං ආවේ ඩ්‍රයිවර් එක්ක. මං මෙහේ ආපු වග වෙන කවුරුත් දන්නේ නෑ" ශර්මිලා ආන්යා දිහාම බලාගෙන කියද්දි ආන්යට දැනුනේ අපහසුතාවයක්."මං ආවේ ඇයි කියලා ඔයා දන්නවා ඇති නේද?" ශර්මිලා ආයෙම හඬ අවදි කලා."ආවේ කා නිසාද කියලා ඇරෙන්න වෙන දෙයක් හිතාගන්න අමාරුයි" ආන්යා නිර්භය වෙන්න උත්සාහ්හ කලත් ඈ උන්නේ ඇතුලාන්තයෙන් වෙව්ලමින්.ශර්මිලාගේ දිගටි, ලස්සන මූණ,දිගටි ඇස්, පිට මැදට දිග ලස්සන කැරලි හිසකේ, හීන් තොල් සඟල, පැහැපත් බව, ආන්යා පරෙස්සමින් නිරීක්ෂණය කලේ, ආර්යන් මොකක් නිසා මේ කෙල්ලට අකමැති වුණාද කියලා හිතමින්. මොකක් නමුත් ඒ ඇගේ රූපේ නම් වෙන්න බෑ කියන එක ගැන සැකයක් තිබුණේ නෑ. ශර්මිලා ඇත්තටම ලස්සන තරුණියක් වුණු නිසා. දීප්තිමත් කහ සහ රතු මිශ්‍ර අලංකාර සල්වාර් ඇඳුමක් ඇඳන් උන්නත් ඇගේ වත නම් තිබුණේ මැලවිලා."මම කැමතියි ඔයා එක්ක විතරක් කතා කරන්න" ශර්මිලා කිව්වේ සම්මානි දිහා යන්තමට බලමින්."සම්මානි සේරම දන්නවා, ඒ නිසා එයා ඉන්න එක ප්‍රශ්ණයක් කරගන්න එපා ශර්මිලා"ශර්මිලා දිග සුසුමක් හෙලුවා. "කමක් නෑ එහෙනම්. ඔයා දන්නවා ඇති නේද ආර්යනුයි, මායි එන්ගේජ් වෙලයි ඉන්නේ කියලා?" ඈ ආන්යගෙන් ඇහුවා."මං දන්නවා""ඒත් දැන් එයා මැරෙජ් එක කරන්න බෑ කියනවා කියලත් එහෙනම් ඔයා දන්නවා ඇති"ආන්යා හිස වැනුවා."ඒ ඔයා නිසා, එහෙම නේද?" ශර්මිලාගේ හඬ චෝදනාත්මක ස්වරූපයක් ගත්තා."නෑ, ඒ මං නිසා නෙවෙයි" ආන්යා කිව්වේ ගැහෙන හිතින්."මට බොරු කරන්න හදන්න එපා මිස් ආන්යා. මං සේරම දන්නවා. ආර්යන් මේ පොරොන්දුව කඩන්න කලින් මට සේරම කිව්වා. එයා කිව්වා එයා ආදරේ කරනවා කියලා ඔයාට...මට නෙවෙයි, ඔයාට...අපි...එන්ගේජ්...වුණාටත් පස්සේ..." ශර්මිලාගේ හඩ අන්තිමට බිඳුණා.ආන්යගේ හිතට ආවේ දුකක්. සම්මානි ඈ දිහා බැලුවේ මූණ අඳුරු කරගෙන. ඒත් ආන්යට කියන්න දෙයක් තිබුණේ නෑ. ලැජ්ජාවෙන් ඇගේ කන්පෙති ගිනි රත් වෙලයි තිබුණේ."ඇයි ආන්යා ඔයා අපේ ජීවිත වලට මෙහෙම බාධා කලේ? ආරු ලංකාවට එන්න කලින් මීට ගොඩක් වෙනස්, එයා මට ගොඩක් ලං වෙලයි හිටියේ.ඒත් මෙහේ ආපු ගමන් එයා වෙනස් වුණා. අඩු තරමේ දවස් තුනකට සැරයක්වත් මට කතා කලේ නෑ. මට මුලින් සැක හිතුණත් එයා එන්ගේජ්මන්ට් එකට කැමති වුණාම මම මටම බැන ගත්තා, එයා ගැන වැරදියට හිතුවා කියලා. ඒත් දැන් සේරම කණපිට පෙරලිලා...ඒ ඔයා නිසා" ශර්මිලා ආයෙම කිව්වා.ඒ පාර ආන්යට ටිකක් තරහා ගියා."ඔයාගේ ඔය චෝදනාව වැරදියි ශර්මිලා. මම කරපු ඇති දෙයක් නෑ. මම ආර්යන් ගැන මොනවත් දන්නෙවත් නෑ. එන්ගේජ් වෙලා කියලා නම් කොහොමටවත් දන්නේ නෑ, මේ ලඟක් වෙනකල්ම. අනික මං එයාව වෂීයක් දීලා නම්මගත්තා නෙවෙයිනේ. ආර්යන් කියන්නේ මට හිතන්නවත් බැරි තරම් උඩ ඉන්න කෙනෙක් කියලා මං දන්නවා ශර්මිලා""එතකොට ඔයා කියන්නේ ආර්යන් මට කිව්වේ බොරුවක් කියලද? එයා ඔයාට ආදරෙයි කිව්වේ බොරුවටද? ඔයාලා දෙන්නා අතරේ මොනවත්ම නැත්තම් එයා එහෙම කිව්වේ ඇයි?" "එයා මට ආදරෙයි කියලා කියපු එක ඇත්ත.ඒත් ඒකේ තේරුම අපි අතර අෆෙයාර් එකක තියෙනවා කියන එක නෙවෙයි නේ. මම කවදාවත් එයාට එහෙම වචනයක් දීලා නෑ. ඒකයි ඇත්ත. අනික මම කොයිම වෙලාවකවත් එයාට ඔයාව දාලා එන්න කියලාවත්, අඟවලාවත් නෑ. ඒක එයාගේ තනි තීරණයක්..." ආන්යා කිව්වේ බර කරලා.ශර්මිලා ආයෙම කඳුලු පිහින්න වුණා."ඒ කියන්නේ ඔයා එයාට ආදරේ නෑ කියන එකද?" ඈ අන්තිමට ඇහුවා.සම්මානි ආයෙම ආන්යා දිහා බැලුවා. ආන්යගේ හිත රිදුම් දෙන්න වුණා. ඒත් ශර්මිලා ඒකට උත්තර දෙනකල් හිටියේ නෑ. ඈ කලේ ඉස්සරහට නැවිලා ආන්යගේ අත් දෙකින් අල්ලගත්තු එක."එපා...ඒකට මට උත්තරයක් එපා. ඔයා එයා ගැන හිතනවා කියලවත් මට හිතන්න බෑ. මං හරියට හිතින් විඳවනවා ආන්යා. ඒ ආර්යන් නිසා. එයා හදන්නේ දැන් අපේ මැරෙජ් එක නතර කරන්න ගෙවල් වලට කියලා. එහෙම වුනොත් මට පිස්සු හැදෙයි. මං දන්න දවසේ ඉඳලා මං ආදරේ කලේ එයාට. කවදාහරි මැරි කරන්න හිතුවේ එයාව. ඒත් දැන් හැමදේම ඉවරවෙන්නයි යන්නේ. එයා මේ මැරෙජ් එක නතර කලොත් අපේ පවුලට වෙන්නෙත් ලොකු අවනම්බුවක්. මට ඒක දරාගන්න බැරිවෙයි...ප්ලීස් ආන්යා ඔයාට විතරයි මට උදව් කරන්න පුලුවන්" ශර්මිලා ආන්යගේ අත්දෙක තදින්ම මිරිකලා කිව්වා.ආන්යා උන්නේ තුෂ්නිම්භූත වෙලා වගේ. සම්මානිත් එහෙමයි."මං...මං කොහොමද?""ඔයාට පුලුවන් ආර්යන්ට කන්වින්ස් කරන්න. එයා අහන්නේ ඔයා කියන දේවල් විතරයි දැන්""ඇයි ඔයා මේ වගේ ඔයාට පොඩ්ඩක්වත් ආදරේ නොකරන, නොසලකන කෙනෙක් වෙනුවෙන් මෙච්චර නැහෙන්නේ?" එහෙම ඇහුවේ මෙච්චර වෙලා සවන්දීගෙන විතරක් උන්නු සම්මානි.ශර්මිලා බිම බලාගත්තා."බිකොස් අයි ලව් හිම්...අයි ලව් හිම් ටූ මච්" ඈ ආයෙම කඳුලු පිහින්න වුණා.ආන්යා උන්නේ ලොකුම ලොකු අපහසුතාවයකට පත් වෙලා. ශර්මිලා ඈට කියන්නේ ආර්යන්ව අතාරින්න කියලා. ඒත් ශර්මිලා දන්නේ නෑ ආන්යා කොයි තරම් ඔහුට ආදරේද කියලා. ආන්යට ආර්යන් ගැන මහා ලෝබකමක් එකපාරටම දැනුනා. ඒත් ඈ ඉස්සරහ වැලහින්නක් වගේ වැලපෙන මේ කෙනා දැක්කාම ඇගේ හිත වාවන්නේ නැතිව ගියා. ආන්යගේ ඇස් වලටත් කඳුලු ආවේ ඒකයි."ප්ලීස් ආන්යා...බෑ කියන්න එපා. මේ මගේ විතරක් නෙවෙයි, මගේ පවුලෙත් ජීවිත ගැන ප්‍රශ්ණයක්. ඔයා අකමැති වුණොත් ආර්යන් ආපහු මගේ ලඟට ඒවි. එයාට වෙන චොයිස් එකක් නෑ. ඔයාට ආර්යන් හම්බවෙලා අවුරුද්දක්වත් නෑ. ඒත් මම ආර්යන්ට ආදරේ කරන්නේ අපි පුංචි කාලේ ඉඳලා. ඔයා කෙල්ලෙක්, ඔයාට පුලුවන් තවත් කෙල්ලෙක්ගේ හිත තේරුම් ගන්න. ඒකයි මම ඉල්ලන්නේ. මට ඕන නම් ඔයාට මැරයෝ දාලා තර්ජනය කරලත් මේ ටිකම කියන්න තිබුණා, ඒත් මම එච්චර දරුණු නෑ ආන්යා. ඔයා මාව තේරුම් ගනීවි කියන විශ්වාසෙනුයි මං අද ආවේ. හැමදේම හොඳින් විසඳගන්නයි මට ඕන. ඒකමයි මම තනියෙම ආවෙත්. කියන්න ආන්යා ඔයා මට උදව් කරනවද කියලා"ආන්යගේ ඇස් වලට කඳුලු පිරෙමින් තිබුණා. ශර්මිලා ඉල්ලන දේ ඈට දෙන්න තමන්ට පුලුවන්ද කියලා ආන්යා තමන්ගෙන්ම ප්‍රශ්ණ කලා. ආර්යන් කියන්නේ ඇගෙත් හිතේ කොටසක් තරමයි. ඒත් ඇත්තම හිතුවොත් ඔහු මේ තමන් ඉස්සරහ ඉන්න කෙනා එක්ක එන්ගේජ් වුණ, බඳින්න පොරොන්දුවක් දුන්න කෙනා නෙද කියලා ඈ හිතුවා. එහමනම් ආර්යන් අයිති ශර්මිලාටද? ඒත් ආර්යන් ආදරේ ඈට නෙවෙයි නම්?"ම්..මම ඒක කරන එක නෙවෙයි වැඩේ. ආර්යන් ඔයාව ආපහු පිලිගනීද කියන එකයි. එයා ඔයාට ආදරේ නෑ ශර්මිලා. ඒකයි කිසිම දුකක් නැතිව එයා අද ඉන්නේ" ආන්යා ශර්මිලාගේ හිත වෙනස් කරන්න පුලුවන් වේවිද කියලා බැලුවා."එයා එහෙම කරයි, මට ඒක විශ්වාසයි. අපි මැරි කලාට පස්සේ, මැරෙන්න මොහොතක් තියා හරි එයා මට ආදරේ කරයි. මට බලන් ඉන්න පුලුවන්...එයා මට ආදරේ නොකලත්, මං ආදරේ නිසා, අපේ පවුලේ නම්බුව නිසා මම ඒ රිස්ක් එක ගන්න කැමතියි"ශර්මිලා මහා පුදුම කෙනෙක් කියලා ආන්යට හිතුණා. ආර්යන් මේ වගේ ආදරණීය කෙනෙක් දාලා, තමන් වගේ හිතුවක්කාරියකට මොනවට ලං වුණාද කියලා ඈ කල්පනා කලා. ඒත් දැන් කල්පනා කරන්න වෙලාවක් නෙවෙයි. දැන් තිබුණේ අන්තිමට කරන දේ තීරණය කරන්න විතරයි."මට තේරෙන්නේ නෑ ශර්මිලා මොනා කරන්නද කියලා" ආන්යා අතකින් නලල පිරිමදින ගමන් කිව්වා."ආන්යා..." ශර්මිලා ඈව ඇමතුවේ වෙව්ලන හඬින්."ප්ලීස්...මට මගේ ආර්යන්ව ආපහු දෙන්න. ඔයාට ආදරේ කරන අය ඕන තරම් ඉඳීවි. ඒත් ආර්යන්ව විතරක් මට දෙන්න කියලයි මං ඉල්ලන්නේ"ඇගේ මුහුණේ තිබ්බේ ආයාචනාත්මක බවක්."ඔයාට එහෙම ඉල්ලන්න බෑනෙ සහෝදරී...ආර්යන් කියන්නේ බඩුවක් නෙවෙයිනේ, ඕන ඕන විදියට මාරු කරගන්න. ඔයා වගේ ආන්යත් එයාත ආදරේ නම්, ඔයා මොකක්ද කියන්නේ? ආර්යන් ඔයාව දාලා ආන්යා ලඟට ආවේ ආර්යන්ට ඕන මෙයා නිසා. දැන් ඇයි-" සම්මානි හදිසියේම උන්නේ ආවේශීලී වෙලා."ෂ්...මානි ප්ලීස්" ආන්යා සම්මානිව නැවැත්තුවා. ආන්යට ශර්මිලාගේ හිත තේරුම්ගන්න අමාරු වුණේ නෑ. තමන් මේ තත්වෙට පත් වුණා නම් සමහරවිට තමනුත් මෙහෙම කරයි කියලා ඈට හිතුණා. ඒකම දේ ආර්යන් ගැන ආන්යගේ හිතේ තිබ්බ ලෝබකම විතරයි. ශර්මිලා බිම බලාගෙන උන්නත් විටින් විට ගැස්සෙන ඇගේ පිට කියාපෑවේ ඈ තාමත් අඬන බව. අන්යා සම්මානි දිහා බැලුවා. සම්මානි ආන්යා දිහාත් ශර්මිලා දිහාත් මාරුවෙන් මාරුවට බලමින් උන්නා."ආන්යා, කවුරුවත් කියන නිසා ඔයා ඔයාගේ ජීවිතේ ගන්න තීරණ වෙනස් කරන්න ඕන නෑ. අනික ආර්යන් ඔයා ලඟට ආවේ එයා ඔයාට ආදරේ නිසා නේ. තමන්ට ආදරේ නොකරන, වෙන කෙනෙක්ට ආදරේ බව හොඳටම දන්න කෙනෙක්ව මැරි කරන්න තරම් ඔයාට තියෙන ප්‍රශ්ණේ මොකක්ද කියලයි මට නොතේරෙන්නේ ශර්මිලා" සම්මානි හඬ අවදි කලා."මේක මගෙයි, ආර්යන්ගෙය් විතරක් ප්‍රශ්ණයක් නෙවෙයි. මේක අපේ පවුල් වලටත්, මුලු ජෙනරේෂන් එකටමත් බලපාන දෙයක්. අපේ ගෙවල් වලින් තැටි මාරු කර ගත්තට කියන්නේ මැරෙජ් එක වුණා වගේම තමා. ඒක බිඳුනොත් වෙන ලැජ්ජාව නිසා මගේ අපායි අම්මයි සුයිසයිඩ් කරගනී. මටත් වෙන්නේ ඒ දේ කරන්න. ඒ වගේම, මම ආර්යන්ට ආදරෙයි. ඔයා හිතන්න එපා මේ වුණ දේවල් මතක් කර කර මම එයාගෙන් පලි ගනීවි කියලා. අයි ප්‍රොමිස් යූ, මම ඔයාව මතක් කරන්නෙවත් නෑ"ශර්මිලා කියද්දි ආන්යගේ ඇස් ආයෙම කඳුලින් බර වෙන්න ගත්තා. තමන් හිතේ හංගගෙන මෙච්චර පරිස්සමෙන් රැකපු ආර්යන්ව තවත් කෙනෙක්ට දෙන්නේ කොහොමද කියලා හිතාගන්න ඈට පුලුවන් වුණේ නෑ. "ඔයා කියන තරම් ඒක ලේසි නෑ ශර්මිලා..." ආන්යා වචන ගැටගහගත්තේ අමාරුවෙන්."මං දන්නවා, ඒත් මං ඔයාට වඩා ගොඩක් අසරණයි ආන්යා. ඔය දෙන්නා තාම අෆෙයාර් එකක්වත් පටන් අරන් නැහැ. ඒත් මායි, ආර්යනුයි එන්ගේජ් වෙලත් ඉවරයි. මං ඉල්ලන්නේ මගේ පවුලම විනාශවෙන්න පුලුවන් දෙයක් නොකර ඉන්න කියලා විතරයි. එහෙම වුනොත් ඔයාට පුලුවන් වේවිද හිත හදාගන්න ආන්යා?" ශර්මිලා ඇහුවා."ඔයා මෙයාට තර්ජනය කරනවද?" සම්මානි ඇහුවේ පොඩ්ඩක් තරහා ගිහින්."නෑ...එහෙම කරන්න මට පුලුවන් වුණත් මම එහෙම කරන්නේ නෑ. මොකද අපි දෙන්නම ගෑනු නිසා. එක ගෑනු හිතක් තව ගෑනියෙක්ට තේරෞම් ගන්න පුලුවන් වේවි කියන විශ්වාසෙනුයි මම අද ආවේ" ශර්මිලා ආයෙම කඳුලු පිහින්න ගත්තා.ආන්යා මැදි වෙලා උන්නේ උභතෝකෝටික ප්‍රශ්ණෙකට. දිගට දිගට ආපු ප්‍රශ්ණ වැලක් නිසා ඈ උන්නේ හෙම්බත් වෙලා. දැන් හදිසියේම ජීවිතේට කඩාවැටුණ කෙනෙක් ජීවිතේන් කොටසක් ඉල්ලනවා. "මං හිතන්නේ අපි මේක ආර්යන් ඉස්සරහදිම විසඳගන්න ඕන ප්‍රශ්ණයක්. මට විතරක් මේකට තනියෙම උත්තරයක් දෙන්න බෑ" ආන්යා කල්පනා කරලා කරලා එහෙම කිව්වා."ආර්යන් අහන්නෑ...එයා මං කියන දේ අහන්න ලෑස්ති නෑ""ඒත් එයා මං කියන් දේ අහයි""ඔව්"ආන්යා දිග සුසුමක් හෙලුවා. ආර්යන් කොච්චර තමන්ගේ හිත අරක්ගෙන ඉන්නවද කියලා ආර්යන්වත් දන්නේ නැතිව ඇති කියලා ඈ හිතුවා. ඒත් තාම පටන්වත් නොගත්තු ආදරයක් නිසා තමන් ඉස්සරහ ආයාචනා කරන මේ කෙලගේ ජීවිතේම විනාශවෙන්න ....   ??????? >>  
Next || Previous