ලාංකීය සිතුවිලි
සිංහල
මට පහර දුන්නේ මර්වින් සිල්වාගේ පිරිස් - කැලණිය ප්‍රදේශීය සභා සභාපති
2013-05-23 23:49:53
21 වැනිදා පැවැති සංකේත වැඩ වර්ජනය නොමේරු දරුවෙක් ඉපිදවීමට යාමක් වැනියි - රුවන් විජේවර්ධන
2013-05-23 23:39:35
ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්
2013-05-23 22:23:00
‘මව්බිම’ ආණ්ඩුවට කඩේ යනවා -එජාප
2013-05-23 21:59:00
ආණ්ඩුව නළව නළවා ඉන්න අපට බැ -විජයවර්ධන
2013-05-23 21:32:00
ස්ත්‍රී දූෂකයන් රකින්නේ දේශපාලනඥයින් !
2013-05-23 20:43:39
IOC - එළියට ARAMCO - ඇතුළට
2013-05-23 19:32:06
මහසෝනා සමග හෝ එක්වී රජය පෙරළනවා - මංගල සමරවීර
2013-05-23 16:14:47
රැවටිලි එපා ! - ජවිපෙ විදි බසියි
2013-05-23 19:49:12
බ්‍රිතාන්‍ය ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක්
2013-05-23 19:36:52
ගෝඨා කුඹුරටත් බසී
2013-05-23 19:13:48
සුමනහිමිගේ නඩුව දිනපතා විභාගයට
2013-05-23 18:52:06
මෛතී‍්‍ර, මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරයි !
2013-05-23 16:57:19
රැවටිලි එපා - විදුලි බිල අඩුකරන්න | ජවිප
2013-05-23 15:36:44
www.unions.lk වෙබ් අඩවිය අකර්මන්‍ය කරයි.
2013-05-23 14:54:15
-නිල් බලකායේ- ලොක්කෙක් එජාපයට
2013-05-23 15:28:25
www.unions.lk වෙබ් අඩවිය අකර්මන්‍ය කරයි.
2013-05-23 14:54:15
අප අනුස්මරණය කලේ ඝාතනය වූ දෙමළ වැසියන් - දෙමළ ජානතා ජාතික පෙරමුණ
2013-05-23 14:20:43
සුනිලාට කී කවි…..
2013-05-23 14:12:41
වෘත්තීය සමිති වෙබ් අඩවියට බාධා
2013-05-23 13:57:50
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 3 [ ???? : 5 ] | රූ සිරිනි | 2012-04-15 21:32:00
පූර්විකාවටකලින් පෝස්ටුවේ අපි කතා කලේ වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනු හැටියි. ඔහු ඉන්පසු ක්‍රියා කල හැටි අපි අද කතා කරමු.          වරප්‍රසාද් හෙපටයිටිස් බී ගැන මුල්වරට ඇසුවේද ජිනීවා වලදීය. ආපසු ඉන්දියාවටපැමිණෙන ඔහු රෝගයේ බරපතල බව ගැන කරුණු රැස් කලේය. රැස් කල කරුණු අනුව හෙපටයිටිස්බී එන්නත ඉන්දියාවේ සෑදීමට ඔහු තීරණය කලේය. ඒ සඳහා ලේසිම හා පහසුම ක්‍රමය වූයේතාක්ෂන හුවමාරු වැඩපිළිවෙලකි. ආපසු ඇමරිකාවේ ජීවත් වූ තමන්ගේ ඥාති සොයුරන් නැවත හමුවූඔහු මේ සඳහා ආයතනයක් සොයා දෙන්නැයි ඉල්ලුවේය.ඔවුන් ඔහුව බටහිර කැලිෆෝනියාවේ තිබූප්‍රසිද්ධ ජාන ඉංජිනේරු ආයතනයකට යොමු කර වූහ.         වරප්‍රසාද් එහි ගියමුත්, සුපුරුදු පරිදි ඔහුට බටහිර ඇමරිකාවේදී රතුඉන්දියානුවන් හමුවූයේ නැත. එහෙත් මේ තාක්ෂනය ඉන්දියානුවන්ට ඉගෙන ගැනීමට බැරි තරම්සංකීර්ණ දරා ගැනීමට බැරි තරම් මුදල් වැයවෙන්නක් බව කීවෙකු ඔහුට හමුවිය.  “ඔයා ඔච්චර දඟලන්නෙ ඇයි? මිනිසුන් කීපදෙනෙකුගේ මරණය ඉන්දියාවට එතරම් දෙයක් වෙන්න බෑ.“          ඔහු තවදුරටත් කීවේය. වරප්‍රසාද් කලින් වූ සිදුවීමට කේන්ති ගොස් සිටියේ නම්මේ සිදුවීම මල පැනීමක් බවට පත්ව තිබුනි. කනින් දුම් දාමින් නැගිට සිටි ඔහු තමන්වසර දෙකක් ඇතුලත ඉන්දියාවේදී එන්නතක් නිපදවා ඉන්දියානුවන්ට ඉන්දියාවේදී කල හැකි දෑපෙන්වන බව ඔහුට කීවේය.           නැවතත් නිව් ජර්සි බලා ගිය ඔහු තම යහළුවන්ගෙන් හා ඥාති සොයුරන්ගෙන් ඉල්වූයේඇමරිකාවේ සේවය කරන ජීව තාක්ෂණය අකුරක් හෝ දන්නා ඉන්දියානුවන් මුණගස්වන ලෙසය. ඔවුන්ඔහුගේ ඉල්ලීම ඉටුකලහ. තිහක් හෝ හතලිහකින් සමන්විත වූ මේ රැස්වීමේදී තමන් මේ ව්‍යාපෘතියසඳහා වෙහෙසෙන්නේ ඇයි දැයි අවංකව පැහැදිලි කල වරප්‍රසාද් ඉන්දියාවේ ඉතිහාසය වෙනස්කිරීමට දායක වන්නැයි රැස්ව සිටි පිරිසෙන් කාරුණිකව ආයාචනය කලේය. ඔහුට ඉන්දියාවෙන්හෙපටයිටිස් බී වසංගතය තුරන් කිරීමට අවශ්‍ය වී තිබුනි.            ඔහුගේ කාරුණික ආයාචනය බොහො දෙනෙකුගේ සිත් ඇද ගැනීමට සමත් වුවද වරප්‍රසාද්ඉන්දියාවේදී අධි තාක්ෂනික r-DNA අඩංගු එන්නතක් නිපදවීමටබලාපොරොත්තු වන බව ඇසූවිට සැවොම සිනා සීමට පටන් ගත්තෝය. ඒ සිනහව ඇසූ වරප්‍රසාද්ටයක්ෂයා ආරූඬ විය. “තමුසෙලා මොන වගේ ඉන්දියානුවොද? තමුසෙලා ඉන්දියාවෙ ඉගෙන ගෙන තාමත් තමන්ගෙඕනෑ එපාකම් ඉන්දියාවෙන්ම බලාපොරොත්තුවෙනවා. ඇයි තමුසෙලා තමන්ගෙ රටට මොනවා හරිදෙන්න උත්සාහ කරන්නැත්තෙ? ඉන්දියාවෙන් තමුසෙලට ඕනෙ අච්චාරුයි චටිනියි විතරද?“          මෙය ඇසූ සැවොමතමන්ගේ අසුන් වලින් උඩ විසිවී නැගී සිටියහ. මෙසේ රටක් ලෙස ඉන්දියාව ජීව තාක්ෂණයුගයට පිය නැගුවේය.  විප්ලවකාරී සොයාගැනීම් කරන්නෙකුගේ මූලික ලක්ෂණයක් වනුයේ මිනිසුන්ගේ හැඟීම් වලට සිතුම් පැතුම් වලට ඇමතීමට ඇති හැකියාවයි. එනයින් තමන්ගේ අරමුණ කරා යාමට ඔවුන්ගේ සහය ලැබීමට ඇති හැකියාවයි. ඔහු මිනිසුන්ගේ තර්කානුකූල බුද්ධිය අභිබවා ගොස් හැඟීම් වලට ආයාචනා කරයි. වරප්‍රසාද් මෙසේ කරද්දී ස්ටීව් ජොබ්ස්ද වෙනත් ආකාරයකට මෙය ක්‍රියාවකට නැගුවේය. ජොන් ස්කලීගේ ප්‍රශ්නයකට පිළිතුරු ප්‍රශ්නයක් අසමින් ස්ටීව් ජොබ්ස් මෙසේ කීවේය. ඔබට සීනි කවලං වතුර විකුණමින් සැමදා ඉන්නවාද නැත්නම් ලෝකය වෙනස් කිරීමට අවශ්‍යද?        මෙසේ රැස්වීමටඑකතු වූ විද්‍යාඥයන් වරප්‍රසාද්ගේ කතාවෙන් ධෛර්යයමත් වූ අතර ඔවුන් වරප්‍රසාද්ගේසිහිනය වූ හෙපටයිටිස් බී ඉන්දියාවෙන් තුරන් කිරීම සඳහා සහය දීමට පොරොන්දුවූහ.  ඉන්දියාවෙන් එකතු වූ කණ්ඩාමයක්පුහුණු කිරීමට හැකියාව ඇත්තවුන් ඇමරිකාවෙන් සොයා ගැනීමට ඔවුන් කටයුතු කලහ. ඊටඅමතරව වරප්‍රසාද් හට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 120ක් එකතු කරගැනීමටද හැකිවිය. යහපත්අරමුණක් වෙනුවෙන් සිත් රැසක් එක්සත් විය.  වරප්‍රසාද් තම සිහිනය සුළුවට සිතුවේ නැත. මුළු හදින්ම ඒ ගැන සිතද්දී ඔහුගේ මොළය ඒ සිහනය වෙනුවෙන් කැපවුනේය. තමත් සිත් කිහිපයක්ම තම යහපත් අරමුණ වෙත නම්මා ගැනීමට ඔහුට හැකි වූයේ ඒ නිසාය. අනික් අතට ගත් කල අපි බොහෝ දෙනෙක් අපේ සිහින ගැන ලොකුවට සිතමු. එහෙත් එය ටික කාලයක් ගතවෙද්දී පරණව උක් දණ්ඩක් සේ වියළී යයි. බිත්තියේ තවත් එක් ගඩොලක් පමණක්ම වෙයි.ඔබගේ සිහිනය කොහෙද? ඔබගේ ආශාව මොකද්ද?එය තවමත් පවතිනවාද?ඔබ ඒ ගැන සිතමින් ක්‍රියාත්මක වෙනවාද?         වරප්‍රසාද් තම සිහින ප්‍රාසාදයේ පදනම දමා ගඩොලින් ගඩොල බිත්ති බැඳීම ඇරඹුවේ මින් පසුවයි. ඒ ගැන අපි ඊළඟ කොටසින් කියවමු.පින්තූර අනුග්‍රහය: ....   ??????? >>  
Next || Previous